- Wednesday, March 07, 2018

පාසල් වැඩමුළුව - හොරණ තක්ෂිලා විද්‍යාලය




පාසල් සිසුන් අතර ස්වාභාවික පරිසරය සහ ජීව විවිධත්වය පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින්, රයිගම්පුරවරය සිංහ සමාජය, හොරණ තක්ෂිලා විද්‍යාලයීය සිංහ සමාජය සහ තරුණ ජීව වේදීන්ගේ සංගමය එක්ව සංවිධානය කල පාසල් වැඩසටහනක් පසුගිය ජනවාරි මස හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවත්වීය.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සහ  සංරක්ෂණය පිළිබඳව දේශනය,  තරුණ ජීව වේදීන්ගේ සංගමයේ හිටපු  සභාපතිවරයකු වන ක්ෂේත්‍ර ජීවවේදී අමිල ප්‍රසන්න සුමනපාල මහතා විසින් පැවැත් වූ අතර , පරිසර ඡායාරූපකරණය පිළිබඳව දේශනය සෞන්දර් කලා විශ්වවිද්යාලයීය අවසන් වසර ශිෂ්‍යයකු වන නිම්න තේනුක විසින් පවත්වන ලදී.

හොරණ තක්ෂිලා විද්යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්  250 කට ආසන්න පිරිසක් මීට සහභාගි වූ අතර, තරුණ ශිෂ්‍ය ප්‍රජාව අතර පරිසරය කෙරෙහි සංවේදී වීමේ වටිනාකමත්, කෙරෙහි අවධානය යොමු කරවීමටත් මෙහිදී හැකි විය.තවදුරටත් මෙවැනි පාසල් වැඩසටහන් මගින් තරුණ ජීවවෙදීන්ගේ සංගමය වටා  එක්රොක් වීමටත්   ජෛව විවිධත්වය  හා ඒ හා බැඳුනු විෂයන් වැඩිදුර හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබා දීමත් බලාපොරොත්තු වේ.





  
සටහන- තමන්දරී දේවස්මිතා පතිරණ
සේයාරු - රයිගම්පුරවරය සිංහ සමාජය