- Thursday, January 05, 2012

අපේ Pocket Guide අත්වැල

ලංකාවේ උභය ජීවීන්...
ලංකාව උභය ජීවි විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකි.ලංකාවේ උභය ජීවින් 103ක් වාර්තාගතවන අතර මින් 87ක්ම ලංකාවට පමණක් ඒක දේශීය වේ.ලංකාවේ කුල 4ට අයත් උභය ජීවින් හමුවේ එනම් ගෙම්බන්,පනු ගෙම්බන්,මුව පටු මැඩියන් හා මැඩියන් වේ.මෙහි වැඩිම විවිධත්වයක් මැඩියන් අතර දක්නට ලැබෙන අතර පරිණාමික වශයෙන් ඉතා ඉහලමට්ටමක දක්නට ලැබෙන පදුරැ මැඩි කුළය සුවිශේෂීවේ.සෘජු විකසනය පෙන්වන පදුරැ මැඩියන් බොහෝ දෙනෙකු තෙත පස තුල බිජු ලැම සිදු කරන අතර එක් විශේෂයක් කොළ යටි පැත්තේ බිජු ලෑම සිදුකරයි.ලංකාවේ හමුවන සියලුම පදුරැ මැඩියන් ඒක දේශීය වේ.තවද ගල් පර මැඩියන් හා රැළි මැඩියන් වැනි සුවිශේෂී උභය ජීවින් ද ලංකාව තුල හමුවේ මෙම විශේෂ වලින් වැඩි ගණනක් පහත රට තෙත් සදාහරිත වනාන්තර (Low Land Rain Forests) සහ කදුකර වනාන්තර (Montane Forests ) ඇසුරේ ජීවත් වන අතර සීඝ වනහායනය හා මානව කීයාකාරකම් නිසා දැඩි ලෙස වද වී යාමේ තර්ජනයට ලක් වී ඇත.

ලංකාවේ මකුඑවන්
මිහිපිට ජීවත් වන ජීවින් අතරින් අතිශය සාර්තක ජීවි කාණ්ඩයක් ලෙස මකුඑවන් හැදින්විය හැක.ආතපෝඩා Arthopoda (සන්ධි පාද) වංශයට අයත් මකුඑවන් පාද 8ක් දැරීමත් දැල් විවීමත් බොහෝ විට ඇස් 8ක් පිහිටිමත් හා සංදංශ ශෘංගය මෘෂ පාදාංගය (Pedipalp & Chelicerae) යන විශේෂ අවයව තිබීම නිසාත් අනෙකුත් සියලුම කෘමීන්ගෙන් මොවුන් වෙන්කර හදුනාගත හැකිය.මකුඑවන් නිෂ්චිත ලෙසම විද්‍යාත්මකව හදුනා ගැනීමට අන්වීක්ෂිය නිරීක්ෂණය අවශ්‍ය නමුත් පොදු භාවිතයේදී ඔවුන්ගේ සිරැරේ ඇති වර්ණ රටා මහෝපකාරීවේ.මොවුන් පිලිබද ගැබුරට කෙරැණු විද්‍යාත්මක පර්යේෂණ අඩු නිසා, ලංකාවේ සිටින මකුඑවන් විශේෂ පුමාණය,ඔවුන්ගේ තර්ජන මට්ටම් සහ පරිසර විද්‍යාත්මක තොරතුරැ පිලිබද දත්ත හා තොරතුරැ අඩු මට්ටමක පවති.දැනට කර ඇති අධ්‍යයනයන්ට අනුව ලංකාව තුළ මකුඑ විශේෂ 500ක් කට වැඩි පුමාණයක් හදුනාගෙන වාර්තා කර ඇත. 
ලංකාවේ වන මල්
වර්ග කිලෝමීටර 65610ක් පමණ වන ලංකාව තුළ ශාක විවිධත්වය සහ ශාක ඝණත්වය ඉතා ඉහල අගයක පිහිටයි.එම නිසාම ලංකාව ලෝකයේ ජෛවවිවිධත්ව උණුසුම් කලාප අතරින් පූධාන තැනක් ගනී.පාසි ශාක වල සිට පරිණාමකව උසස් වු සපුෂ්ප ශාක තෙක් සියඑ වර්ග වල ශාකයන් ලංකාව තුළ දැකිය හැකි වේ.ලංකාව තුල සපුෂ්ප ශාක විශේෂ 3771 ක් පමණ දක්නට ලැබෙන අතර ඉන් 25% ක් පමණ ලංකාවට පමණක් ආවේනික වේ.ලංකාවේ වන මල් අතර උඩ වැඩියා කුලය සුවිශේෂි ස්ථානයක් ගනී.නෙක විසිතුරැ පැහැයෙන් හා විවිධ රෑපාකාරයෙන් සමන්විත වන මල් වනාන්තරයක ජෛව විවිධත්වය වැඩිකිරීමේලා ඉමහත් මෙහෙයක් ඉටු කරයි.