- Saturday, December 17, 2011

අපේම තැනක්......

වලව්වෙවත්ත වතුරාන පාරිසරික පරිසරය

2011-2012 අපේ කට්ටිය ඔන්න නමෝවිත්තියෙන් කියලා වැඩ පටන් ගත්තේ ජෛව විද්‍යාත්මක වටිනාකමකින් තියෙන වනාන්තර අතරින් ලංකාවේ  ඇති  වගුරැ වනාන්තරයක් නිරීක්ෂණය කරන්නයි. ඉතින් කතාකරගත්ත විදියට අපි 16 වේනිදා උදේ පාන්දරන් කොහුවලට ආවා දන්නවනේ ඉතින් වෙලාවට අපි ආවට වේලාවටම පිටත් උනේ නෑ..නංගිල මල්ලිලා එකතු කරගෙන වාහනේ පිටත් උනා...කොහුවල ඉදන් හොරණ (120)  නගරයට ඇවිල්ල එතනින් මතුගම පාරේ 3කිමි යනකොට බුලත්සිංහල පාරට හැරෙන්න ඔනේ එන්න එහෙම කෙලින්ම ඇවිත් බුලත්සිංහල ඔරලෝසු කණුව ගාවින් වමට (හිග්ගහ පාර) දාලා ටික දුරක් යනකොට හමුවෙන ගල්කැටිය කන්ද අසලින් මෙම වනාන්තරයට යන්න පුලුවන්.විජේසේකර මහතාට අයත් වලව්වෙවත්ත වතු සමාගමට අයිති පුද්ගලික ඉඩමේ මෙම වගුරැ වනාන්තරය පිහිටල තියෙන්නෙ.

කඑ ගගේ ශාඛාවක් හා කුඩා අතු ගංගාවක් වෙන බටපොත ඇලේ වම් ඉවුරට මායිම්ව මෙය පිහිටා ඇති අතර ඇළ හරහා ගලා එන ජලයෙන් සමහර කාලවලට මෙය යටවී පවතින නිසා ජලය ආශිතව වැඩෙන ශාක පැවතීමෙන් වතුරාන යන නම යෙදී ඇති බව, ලොකු අයියා ලෙසින් හදුන්වන වතුයායේ වැසියෙක්  එහෙ විස්තර රසබර විදියට කියල දුන්නා. පහත රට තෙත් කලාපීය වනාන්තර ගණයට වැටෙන මෙහි විශාලත්වය හෙක්.6.2045ක් වේ.ලංකාවේ දැනට වදවී යාමේ තර්ජනයට ලක්වී ඇති ලොකයේ කිසිම වනයක පවතින බවට වාර්තාවී නැති ශාක විශේෂ 2ක් මෙම වනාන්තරයෙහි හමුවීම විශේෂත්වයක් ලෙස සදහන් කරන්නම ඕනේ..

  • හොරවැල්  Stemnoporus mooni
  • සුවද         Mesua stylosa
මීට අමතරව
  • කැකිරි වරා
  • හල්                                                   
  • ලේන් තැරි
  • අති උඩයන්                                                   
  • වේවැල් වර්ග  ,
ශාක රාශියක් ද සත්තව විශේෂ විශාල පුමාණයක් ද මෙම පරිසර පද්ධතියෙන් හමුවී ඇත.එමෙන්ම ලංකාවේ තෙත් වනාන්තර වල හමුවෙන උරග,ශාක,උභය,මත්ස්‍ය, පක්ෂි විශේෂ රාශියක් මෙම වනාන්තරයෙන් වාර්තා වී ඇත.වැලි ගොඩ දැමීම,වේවැල් උණගස් දුම්මල වැනි දෑ සීමාවකින් තොරව ලබා ගැනීම,ගස් කැපීම,ජනාවස බිහිවීම මෙම පරිසර පද්ධතියට තර්ජනයක් බවට අද වර්තමානයේ පත් වී ඇත..නමුත් සතුටට කාරණාවක් ලෙස ඉඩම් හිමිකරැවන් විසින් මෙම පරිසරය ආරක්ෂා කිරීමට දක්වන උත්සහය නිසා එම තර්ජන බොහොසෙයින් අඩපන වීම දක්වන් පුලුවන්.මෙම ජෛව විද්‍යාත්මක වටිනා කමකින් යුතු පරිසර පද්ධතිය රැක ගැනිම ඔබෙත් මගෙත් යුතුකම හා වගකීම නොවන්නේද ?.........

එලෙස සාර්ථක ගමනක විශේෂ වාර්තාවන් අපගේ ඉදිරි ලිපි වලින් එළි දැක්විමට බලපොරොත්තුවෙමු........