ඔබගේ පිය සටහනේ විශාලත්වය ඔබ දන්නවද?
ඔබ මිහිමත පළමුවෙන් පය තබා සිට ගත් දිනය ඔබට මතකද? එදා ඔබගේ පා පිය සටහන මේ මිහි මතින් අත් කරගත් ඉඩ පුමාණය හා අද ඔබගේ පිය සටහනේ විශාලත්වය අතර වෙනස සෙන්ටි මීටර කිහිපයක් පමණක් වුවත් ඔබගේ පාරිසරික පිය සටහන එදා මෙදා තුර කොතරම් විශාල වී ඇත් දැය මා ඔබෙන් විමසුවහොත් "ඒ මොකද්ද ඒ ?" යනුවෙන් ඔබ පුශ්න කරනු ඇත සැබවින්ම ඔබ ඔබගේ පාරිසරික පිය සටහන කොපමණදැයි දන්නවද? මේ එම පාරිසරික පිය සටහන (Ecological footprint) ගැනයි.

මිනිසා මෙලොව දුටු දා පටන් මිය යන තෙක්ම ජීවත් වන්නේ අප පරිසරයේ ඇති ස්වභාවික සම්පත් Rව හෝ වl%ව පුයෝජනයට ගනිමිනි. එහිදී සම්පත් සපයාගත හැකි උපරිමයෙන් පුයෝජනයට ගන්නවා විනා සම්පත් වල සීමිත බව සලක බලා භාවිතා කරන වුන් සිටීනම් ඒ අතලොස්සකි. මත්සH සම්පත ක්ෂය වීම, ගෝලීය දේශගුණික විපර්යාස, ජීවීන් නෂ්ට වී යාම, ජල සම්පත් ක්ෂය වී යාම ආදී පුශ්න රැසකට අද ලෝකය මුහුණ දී සිටින්නේ මෙම සම්පත් අධි පරිභෝජනය නිසා බව කටත් නොරහසකි. ජලය , වාතය, පස, ගහ කොළ, ඛනිජ සම්පත්, වන්තර ඇතුළු ස්වභාවික සම්පත් බොහොමයක් නැවත පුනර්ජනනය වන නමුත් මිනිසෙකුගේ ආයු කාලය හා සසඳන විට එය ඉතමත් දිගු කාලයකි. මෙකී පසුබිමක් තුල, පුද්ගලයකුගේ පාරිසරික පියසටහන යනුවෙන් අදහස් කරනුයේ එම පුද්ගලයා විසින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ස්වභාවික සම්පත්වලින් පිරි අපගේ පරිසරය කොතරම් දුරකට පරිහරණය කරන්නේද යන්නයි. මෙහිදී පෙර කීවක් ලෙස පරිසරය පුනර්ජනනය වන වේගය මෙන්ම මිනිසා විසින් භාවිතයෙන් පසු ඉවතලන අපද්‍රව්‍ය හා කැලි කසල බැහැර කිරීම සඳහා පරිසරය භාවිතා කිරීමත් සැලකිල්ලට ගැනෙයි. සරලව කියතොත් ඔබ පරිසරය වැඩියෙන් භාවිතා කරන තරමට ඔබගේ පාරිසරික පියසටහන විශාල වන බවයි. පාරිසරික පිය සටහන් මනිනු ලබන්නේ විශ්ව හෙක්ටයාර (Global Hectares, gha) නම් ඒකකයෙනි. එනම් පරිසරයට හානියක් නොවන ලෙස ඔබ පරිසරයෙන් m%යෝජන ලබා ගන්නේ නම් ඔබගේ පාරිසරික පිය සටහන 1gha ක් විය යුතුය.
බිලියන හතකට ආසන්න ලෝක ජනගහනය ජීවත් වන්නේ පෘථිවියේ ඉතාමත් සීමිත ඵලදායි භූමි පුමාණයක් පුයෝජනයට ගනිමිනි. එනම් මෙමෙ ජනගහනයට ඇත්තේ ලොව භූමි පුමාණයෙන් 18% වන ඵලදායි ගොඩබිම් කොටසක් හා 4% වන ඵලදායි මුහුදු කලපයකුත් ඇතුළුව 22% ක භූමි පුමාණයක් පමණි. ඒ අනුව ලොව වෙසෙන එක පුද්ගලයෙකුගේ පාරිසරික පියසටහන විශ්ව හෙක්ටයාර 1.9gha පමණ අගයක් ගනියි. සාමානයයක් ලෙස මෙම අගය දැක්වුවද ලොව ධනවත් රටවල මෙමෙ අගය විශාල වේ. උදාහරණ ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය 10.7 gha ක් වන ලොව වැඩිම ඒක පුද්ගල පාරිසරික පියසටහනට හිමිකම් කියයි. ඇමරිකාවේ එම අගය 8.0gha කි. අප ජීවතන › ලංකාවේ එක මිනිසෙකුගේ පාරිසරික පියසටහනේ විශාලත්වය සාමානයක් ලෙස 0.95gha පමණ වේ. මෙය සාමානය අගයක් වන නිසා ඔබ නගරබදව ජීවත් වන්නේ නම් නියත වශයෙන් මෙම අගය 1 ඉක්මවනවා ඇත. එනම් ඔබ පරිසරයට හානිකර මිනිසෙකි. අන්තර්ජාලය භාවිතයෙන් ඔබටත් පහසුවෙන්ම ඔබගේ පාරිසරික පිය සටහනේ අගය දල වශයෙන් ගණනය කරගත හැකි වේ. තවද අප අමතක නොකළ යුතු කරණය වනුයේ පරිසරය පරිභෝජන කිරීමේ අයිතිය මිලියනයකට අධික අනෙකුත් සත්ව විශේෂ වලටද ඇති බවයි.
ඔබ කුඩා කල ඔබට ගුරුවරුන් හා දෙමව්පියන් විසින් කියා දුන් හොඳ පුරුදු අනුගමනය කිරීමෙන් ඔබගේ පාරිසරික පිය සටහනේ විශාලත්වය අඩුකරගත හැකි බව ඔබ දන්නවද?
· හැකි සෑම විටම කඩදාසි වල දෙපැත්තම පුයෝජනයට ගන්න
· අනවශය විදුලි පහන් හා විදුලි පංකා නිවා තබන්න
· තම සතු අනවශය දෙයක් වේනම් ඒවා පුයෝජනයක් ඇති කෙනෙකුට දෙන්න
· සේදීම් කටයුතු වලදී ජලය අපතේ යා නොදී පරිහරණය කරන්න
· ගසක් සිටුවා රැක බලා ගන්න
මෙවැනි සරල කියාකාරකම් තුලින් ඔබත් ඔබගේ පාරිසරික පිය සටහනේ විශාලත්වය අඩුකරගැනීමට උත්සහ දරන්න. පරිසරයේම තවත් එක ජීවියෙකු ලෙස ඉපදී, පරිසරයේ සම්පත් වලින් පෝෂණය වී හැදී වැඩී පරිසරයට හානියක් නොකොටම මිය යාම අප කාගේත් වගකීමක් නොවන්නේද?
Nice post on Ecological footprint.
ReplyDeleteThank you Sir
ReplyDelete