ගොඩබිම දැනට වාසය කරන විශාලම සත්තවයා ලෙස අලියා හැදින්විය හැක.Elephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ලාංකීය අලි ඇතුන් 20 ශතවර්ෂයේ ආරම්භය වන විට 10000 කට අධික පුමාණයක් ලංකාව පුරා සැරිසරා ඇත්තේ මේ දිවයින එළසින්ම ඔවුන්ට රජ දහනක් වේ යැයි සිතා විය හැකිය.
එනමුදු අද වර්තමානයේ එම තත්වය බෙහෙවින් උඩුයටිකුරැ වී හමාරය.මෑතකදී කල වාර්තාවන් අනුව ලංකාව තුල අලි ඇතුන් 5200-5300ත් අතර පුමාණයකට සීමා වී ඇත.
අලි ඇතුන් ගමන් කළ අලිමංකඩවල් අද ගොවිබිම් නැතිනම් මිනිස් ගම්මාන බවට පත් වී වනාන්තර අඩුවී මෙම සතුන්ට නිදහසේ සැරිසැරීමට නොහැකි තත්වයක් උද්ගත වීමෙන් අර්බුද රාශියක් පැන නැගී ඇත.සාමාන්‍යයෙන් දිනකට කිලෝ මීටර 15-20ත් අතර ගමන් කිරීම මෙම සතුන්ගේ ස්වභාවයවේ.ආහාර හිගවීම,ජල හිගය යන මුලික අවශ්‍යතාවන් නිසා අලි ඇතුන් ගමි වැදීම,ගොවිතැන් පාඑ කිරීම් කරමින් අලි මිනිස් ගැටුම් ආරම්භ වී ඇත.
මෙවැනි තත්වයන් මත මෙම සත්තවයාගේ පැවැත්ම සහතික කිරිම අප සැමගේ යුතුකම හා වගකීම නොවන්නේද?
ජී.පී.පෙරේරා (තරැණ ජීවවේදීන්ගේ සංගමය)

No comments:
Post a Comment